මගේ කඳුළින්magee kandulin

Mage Kandulin

Lyrics

මගේ කඳුළින් ඔබේ දෙනුවන්
දොවාලන්නට වරම් නෑ
මගේ දෙතොලින් ඔබෙ කඳුලැල්
නිවාලන්නට වරම් නෑ

සිතෙයි දෝතින් මලක්‌ සේ ගෙන
ඔබේ සෙනෙහස වැළඳ ගන්නට
නමුදු පරසතු මලක්‌ වී ඔබ
නොමැත මා හට සුවඳ දෙන්නේ

සිතේ ඇවිළෙන ඔබේ හදවත
මගෙ සුසුමින් නිවා ලන්නට
නමුදු අවසර නොමැති පියසෙකි
ඔබේ ලොව මට අත පොවන්නට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.