ගී පද
මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා
හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ
පඩි දාට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම ගෙදර බත උයන්නේ.....
යටගිලුණු ඇස් දෙකේ සෙනේහය ගලන්නේ
ලේ නහර නිව නවා මගේ ඇඟේ දුවන්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ.....
දෙළයට තුරුළු වී මගේ පැටව් සුව නින්දේ
මැදියමේ කොහොම මං නුඹේ නිදි දැහැන බිඳින්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ.....
මගේ හිත කරදරයි......