මගේ හිත කරදරයිmagee hitha karadharayi

Mage Hitha Karadarai

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ඉන්ද්‍රප්‍රිය උදිත කුමාරindhrapriya udhitha kumaara

Lyrics

මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා
හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ
පඩි දාට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම ගෙදර බත උයන්නේ.....

යටගිලුණු ඇස් දෙකේ සෙනේහය ගලන්නේ
ලේ නහර නිව නවා මගේ ඇඟේ දුවන්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ.....

දෙළයට තුරුළු වී මගේ පැටව් සුව නින්දේ
මැදියමේ කොහොම මං නුඹේ නිදි දැහැන බිඳින්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ.....

මගේ හිත කරදරයි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.