ගී පද
මදුවිතක තනිවෙන්න
නුඹ හුරුකලේ
මොන හිතකින්දෝ
ආ රන්කඳේ
මට වඩා
නුඹට මා
ආදරේ කලා
නුඹ පවා දන්නවා
හුරුබුහුටි ඔය මුහුණ
දැක්කම ඉබේ
කකියනවා
හදවත මගේ
පෙරාපු ආදරේ
පුරෝලා මේ ලයේ
තියානා මා ලඳේ
විඳෝනා රැයේ
මතකෙ හඬවයි හැරනොයා
සෝකෙ ඇවිලෙන්නේ ඒ නිසා
පාරාද ආදරේ
දරාන පපුතුරේ
ගියේ හිතින් නොවේ
හිතේ රිදුම් තියේ
ඉන්න නැවතුම්
සොය සොයා
වින්ද දුක දන්නෙ
නෑ ඔයා