මා කඳුලින් බව සිතනු එපාmaa kandulin bawa sithanu epaa

Ma Kadulin Bawa Sithanu Epa

ගී පද

(මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගෙ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ...//)

ඔබ හට පුද දුන් කුලුඳුල් සෙනෙහස
සුවඳයි සැමදා සංසාරයේ
ඒ වෙනුවෙන් මා හඬනා ලොවේ
ඔබ ඉන්නකෝ හසරැල්ල ලෙසේ

මා කඳුලින් බව....

අද මගෙ ලෝකය කඳුලින් වැසීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා බිඳලනු එපා
මා වෙනුවෙන් ඔබ ලතැවෙනු එපා

මා කඳුලින් බව....//