Lyrics
(මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගෙ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ...//)
ඔබ හට පුද දුන් කුලුඳුල් සෙනෙහස
සුවඳයි සැමදා සංසාරයේ
ඒ වෙනුවෙන් මා හඬනා ලොවේ
ඔබ ඉන්නකෝ හසරැල්ල ලෙසේ
මා කඳුලින් බව....
අද මගෙ ලෝකය කඳුලින් වැසීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා බිඳලනු එපා
මා වෙනුවෙන් ඔබ ලතැවෙනු එපා
මා කඳුලින් බව....//