ගී පද
ළිදක් ලග පෙම් රටා වටක් ලග පෙම් කතා
අතින් ඇත ලංවෙලා පහන් තරු දල්වෙලා
යොවුන් මල් මාවතේ පියුම් රොන් ජීවිතේ
වසන්තේ උපන්නේ අදරේ මන්දිරේ
නුරා ගී ඇසෙන්නේ යව්වනේ ලෙන් දොරින්
පෙමින් උපන් යහළුවන්නේ පෙමින් උපන් යෙහෙළියනේ
ඔබේ පැතුම් වසනා වේවා
ළිදක් ලග පෙම් රටා .../
අදින් හෝ හෙටින් හෝ පෙම් උදාන ළංවී
හදේ සෝ තැවුල් දුක් වේදනා තුරන් වී
සෙනේහයේ සිහිලැල්ලේ සිනා කිකිණි විල්ලේ
ඔබේ පැතුම් වාසනා වේවා
ළිදක් ලග පෙම් රටා .../