ළිදක් ලග පෙම් කතා lidhak laga pem kathaa

Lindak Langa Pem Katha

Lyrics

ළිදක් ලග පෙම් රටා වටක් ලග පෙම් කතා 
අතින් ඇත ලංවෙලා පහන් තරු දල්වෙලා 
යොවුන් මල් මාවතේ පියුම් රොන් ජීවිතේ

වසන්තේ උපන්නේ අදරේ මන්දිරේ 
නුරා  ගී ඇසෙන්නේ යව්වනේ ලෙන් දොරින්
පෙමින් උපන් යහළුවන්නේ පෙමින් උපන් යෙහෙළියනේ 
ඔබේ පැතුම් වසනා වේවා 

ළිදක් ලග පෙම් රටා .../

අදින් හෝ හෙටින් හෝ  පෙම් උදාන ළංවී 
හදේ සෝ තැවුල් දුක් වේදනා තුරන් වී 
සෙනේහයේ සිහිලැල්ලේ සිනා කිකිණි විල්ලේ 
ඔබේ පැතුම් වාසනා  වේවා 

ළිදක් ලග පෙම් රටා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.