කුරුල්ලන්ට ගී හදන්නkurullanta gii hadhanna

Kurullanta Gee Hadanna

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී…

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් වින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා