කුරුල්ලන්ට ගී හදන්නkurullanta gii hadhanna

Kurullanta Gee Hadanna

Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී…

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් වින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.