ගී පද
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ
අත වැනුවට නොවැටි මන් මුලාවේ
හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ //
දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු
ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනා කුසුඹ හිත රවටනවාලු
මගෙ රන්කඳ ඒ කුසුඹට රැවටෙන්නේ නෑලු
කොළොම්පුරේ... /
වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එන කොට ඉගි බිගි පෑවාලු
කොයි දෙසේ හිටියත් ඔබ මගෙමයි කීවාලු
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු
කොළොම්පුරේ... /