කොලොම්පුරේ නුඹ ඉන්නාkolompuree numba innaa

Kolompure Numba Inna

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කරුණාරත්න ජයතිලකkarunaarathna jayathilaka

Lyrics

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ
අත වැනුවට නොවැටි මන් මුලාවේ
හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ //

දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු
ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනා කුසුඹ හිත රවටනවාලු
මගෙ රන්කඳ ඒ කුසුඹට රැවටෙන්නේ නෑලු

කොළොම්පුරේ... /

වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එන කොට ඉගි බිගි පෑවාලු
කොයි දෙසේ හිටියත් ඔබ මගෙමයි කීවාලු
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු

කොළොම්පුරේ... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.