කඳුළු බිංදුව (මටම පෙම් කර)kandulu bindhuwa (matama pem kara)

Kandulu Binduwa (Matama Pem Kara)

ගී පද

මටම පෙම් කර නෙතග නිවසන
සද නොසිඳෙන සුනිල උල්පත
කඳුළු බිංදුව..//

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන් 
උන්හිටිය තැන් අහිමි වීමෙන් 
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව..

මටම පෙම් කර..

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව..

මටම පෙම් කර..//