Lyrics
මටම පෙම් කර නෙතග නිවසන
සද නොසිඳෙන සුනිල උල්පත
කඳුළු බිංදුව..//
සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව..
මටම පෙම් කර..
නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව..
මටම පෙම් කර..//