ගී පද
කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
(විහඟ වලා ගුවන වෙලා…//)
(දුර අහසේ නොපෙනී යනවා…//)
(කවියක් ගීයට හැරුණ කලක් දෝ…//)
ඉපනැලි නළියනවා….
ඉපනැලි නළියනවා….
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟ දෙනවා
එක දෙක දිය රැළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
(මුතු අමුණා ගී මුමුණා…//)
(දුර වෙරළට රැළි ඇද්දෙනවා…//)
(මින්නේරිය වැව පට සළු ඇඳගෙන…//)
(ඔන්චිලි පැද්දෙනවා…//)
මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට
හිනැහී සැනහෙනවා
(යල වපුරා මහ වපුරා…//)
(ගොයමට දිය රැළි නංවනවා…//)
(මින්නේරිය වැව හෙට හී කවියෙන්…//)
(උදයට ළංවෙනවා…//)
කහවන් ගොයමට රන් දිය……