කහවන් ගොයමට රන් දියkahawan goyamata ran dhiya

Kahawan Goyamata Ran Diya

Music:
ඩන්ස්ටන් පී. ද සිල්වාdanstan pii. dha silwaa
Lyrics:
මර්සලින් ජයකොඩි පියතුමන්marsalin jayakodi piyathuman

Lyrics

කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
(විහඟ වලා ගුවන වෙලා…//)
(දුර අහසේ නොපෙනී යනවා…//)
(කවියක් ගීයට හැරුණ කලක් දෝ…//)
ඉපනැලි නළියනවා….
ඉපනැලි නළියනවා….

මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟ දෙනවා
එක දෙක දිය ‍රැළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
(මුතු අමුණා ගී මුමුණා…//)
(දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා…//)
(මින්නේරිය වැව පට සළු ඇඳගෙන…//)
(ඔන්චිලි පැද්දෙනවා…//)

මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට
හිනැහී සැනහෙනවා
(යල වපුරා මහ වපුරා…//)
(ගොයමට දිය ‍රැළි නංවනවා…//)
(මින්නේරිය වැව හෙට හී කවියෙන්…//)
(උදයට ළංවෙනවා…//)

කහවන් ගොයමට රන් දිය……

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.