කහ මල් අත්තක් සැලුණාkaha mal aththak saelunaa

Kaha Mal Aththak Saluna

ගී පද

(කහ මල් අත්තක් සැලුණා
රන්වන් දෑතක් පෙනුණා
කිංකිණි රාවක් නැගුණා
රන් මැණිකේ මල් නෙලුවා.....//)

(කියඹු ලතා ඇගේ සොලවා
විහිළු කළා මද පවනා....//)
ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා 
කුඹකේ ළිඳ වෙත යන්නා....

කහ මල් අත්තක්....

(පෙර දවසේ රජුන් නෙලූ
ශෛල තලාවද ඔය රූ...//)
සීගිරි බිතු සිතුවම් පැරදූ
ඔය රුව කාටද සොඳුරු.....

කහ මල් අත්තක්....//