Lyrics
(කහ මල් අත්තක් සැලුණා
රන්වන් දෑතක් පෙනුණා
කිංකිණි රාවක් නැගුණා
රන් මැණිකේ මල් නෙලුවා.....//)
(කියඹු ලතා ඇගේ සොලවා
විහිළු කළා මද පවනා....//)
ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා
කුඹකේ ළිඳ වෙත යන්නා....
කහ මල් අත්තක්....
(පෙර දවසේ රජුන් නෙලූ
ශෛල තලාවද ඔය රූ...//)
සීගිරි බිතු සිතුවම් පැරදූ
ඔය රුව කාටද සොඳුරු.....
කහ මල් අත්තක්....//