ගී පද
චිත්‍රපටය : කොළඹ හාදයෝ (1966)
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
(ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //
අහසෙ පාවෙන සුනිල් වලා //
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා //
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනව ඉගිල්ලිලා
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
(ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //
නාරිලතා ලීලා පානා තාලෙට මිහිලිය නලවාලා
නා මලේ සුවඳේ එතිලා ආව බව දැනුනා
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
(ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //