ජීවිතේ ප්‍රීති සංචාරෙකීjiiwithee priithi sanchaarekii

Jeewithe Preethi Sanchareki

Music:
ආර්. ඒ. චන්ද්‍රසේනaar. ee. chandhraseena
Lyrics:
ඇලෝයි ගුණවර්ධනaelooyi gunawardhhana

Lyrics

චිත්‍රපටය : කොළඹ හාදයෝ (1966)

ජීවිතේ  ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
(ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //

අහසෙ පාවෙන සුනිල් වලා //
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා //
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනව ඉගිල්ලිලා
ජීවිතේ  ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
(ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //

නාරිලතා ලීලා පානා තාලෙට මිහිලිය නලවාලා
නා මලේ සුවඳේ එතිලා ආව බව දැනුනා
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
(ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රෑ රැඳේ සුවේ) //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.