ගී පද
ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත
ඔබ මට හිමි වෙන්නැති හින්දා
සෙනෙහස හිත තුල සඟවා ගන්නම්
වෙන හිතකට දෙන්නැති හින්දා
ඔබ ගැන මතකය හද පාරනවා
අමතක කරන්න බැහැ මට කිසිදා
සිහිනෙන් පෙනි පෙනි යළි නොපෙනෙනවා
හදාගන්න හිත බැහැ ඒ හින්දා
ජීවත් වෙන්නම් ....
දෛවය සරදම් කර හිනහෙනවා
මගෙ හදවත හෙමිහිට පාරනවා
ඔබ නම් යහතින් ඇතැයි හිතෙනපා
ඒ ගැන හිත හිත මම සැනසෙනවා
ජීවත් වෙන්නම් ....