ජීවත් ‍වෙන්නම් ඔබ ගැන හිත හිතjiiwath wennam oba gaena hitha hitha

Jeewath Wennam Oba Gana Hitha Hitha

Lyrics

ජීවත් ‍වෙන්නම් ඔබ ගැන හිත හිත
ඔබ මට හිමි ‍වෙන්නැති හින්දා
‍සෙ‍නෙහස හිත තුල සඟවා ගන්නම්
‍වෙන හිතකට ‍දෙන්නැති හින්දා

ඔබ ගැන මතකය හද පාරනවා
අමතක කරන්න බැහැ මට කිසිදා
සිහි‍නෙන් ‍පෙනි ‍පෙනි යළි ‍‍නො‍පෙ‍නෙනවා
හදාගන්න හිත බැහැ ඒ හින්දා

ජීවත් ‍වෙන්නම් ....

‍දෛවය සරදම් කර හින‍හෙනවා
ම‍‍ගෙ හදවත ‍හෙමිහිට පාරනවා
ඔබ නම් යහතින් ඇතැයි හි‍තෙනපා
ඒ ගැන හිත හිත මම සැන‍සෙනවා

ජීවත් ‍වෙන්නම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.