ජීවිතයේ ගඟ ගලා ගියාjiiwithayee ganga galaa giyaa

Jeevithaye Ganga Gala Giya

ඇල්බමය
Jeevithaye Ganga Gala Giya
සංගීතය:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
පද රචනය:
උමා අසේනිumaa aseeni

ගී පද

තුරු ඉහ මත්තේ පිපෙන මලක්
වසන්තයේ කිරි සිනා නගා 
ගිම්හානේ අග අකාල හුළඟේ
ඉර ගල පාමුල මිලින වුනා...

පෙර සසරේ සුදු කලු මං සලකුණු
ලප සඳ සේ භව ගුවන අරා
රැල්ලක් නොනැගෙන ජීවිත දියඹත්
උදම් රලින් රලු වී නැගුණා...

එකිනෙක හඳුනන නොහඳුනනා බැමි
ඇතිවෙන නැතිවෙන හැඟුම් දරා
මග තොට හමුවන උස් මිටි කම් මැද
ජීවිතයේ ගඟ ගලා ගියා...