Lyrics
තුරු ඉහ මත්තේ පිපෙන මලක්
වසන්තයේ කිරි සිනා නගා
ගිම්හානේ අග අකාල හුළඟේ
ඉර ගල පාමුල මිලින වුනා...
පෙර සසරේ සුදු කලු මං සලකුණු
ලප සඳ සේ භව ගුවන අරා
රැල්ලක් නොනැගෙන ජීවිත දියඹත්
උදම් රලින් රලු වී නැගුණා...
එකිනෙක හඳුනන නොහඳුනනා බැමි
ඇතිවෙන නැතිවෙන හැඟුම් දරා
මග තොට හමුවන උස් මිටි කම් මැද
ජීවිතයේ ගඟ ගලා ගියා...