ජීවිතයේ ගඟ ගලා ගියාjiiwithayee ganga galaa giyaa

Jeevithaye Ganga Gala Giya

Album
Jeevithaye Ganga Gala Giya
Music:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
Lyrics:
උමා අසේනිumaa aseeni

Lyrics

තුරු ඉහ මත්තේ පිපෙන මලක්
වසන්තයේ කිරි සිනා නගා 
ගිම්හානේ අග අකාල හුළඟේ
ඉර ගල පාමුල මිලින වුනා...

පෙර සසරේ සුදු කලු මං සලකුණු
ලප සඳ සේ භව ගුවන අරා
රැල්ලක් නොනැගෙන ජීවිත දියඹත්
උදම් රලින් රලු වී නැගුණා...

එකිනෙක හඳුනන නොහඳුනනා බැමි
ඇතිවෙන නැතිවෙන හැඟුම් දරා
මග තොට හමුවන උස් මිටි කම් මැද
ජීවිතයේ ගඟ ගලා ගියා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.