ගී පද
ක්‍රිකට් සද්දේ අපි හැමදෙනගෙම සවන පිනනවා
අපේ එවුන් දැන් තැන තැන බයිලා කියනවා
යන යන තැන් වල ඒවා නැගලම යනවා
අපිත් ඉතින් ඔන්න එකක් හදලම කිව්වා...
පිටිය පුරා සිංහ කොඩිය හොඳට දිලෙන්නේ
අනුහයේ වුණා වගේ ලොව හොල්ලන්නේ
අපේ කොල්ලෝ ක්‍රිකට් පිටියේ නම රන්දන්නේ
ජය අපටයි හැමදාමත් මේ තණ නිල්ලේ...
FB එකේ නිදාගන්න අපේ මල්ලිලා
හැමවෙලේම මිස් කෝල් දෙන අපේ නංගිලා
නංගී මල්ලී සැමදෙන දැන් එකතු වෙයල්ලා
කිමිදෙමු අපි ක්‍රිකට් සොමියේ මේ අහපල්ලා...
දාන දාන හැම බෝලේම හොඳට වැටෙනවා
ගහන ගහන හැම පාරම හයක්ම වෙනවා
ක්‍රිකට් වලට තියෙන ඇල්ම තව වැඩි වෙනවා
මේ පාර කප් එක අපි අරන්ම එනවා...
[RAP]
පිටිය පුරා සිංහ...