ජය අපටයි (ක්‍රිකට් සද්දේ)jaya apatayi (krikat sadhdhee)

Jaya Apatai (Cricket Sadde)

Music:
ඩි තිසල්di thisal
Lyrics:
මහේෂ් දිසානායකmaheesh dhisaanaayaka

Lyrics

ක්‍රිකට් සද්දේ අපි හැමදෙනගෙම සවන පිනනවා 
අපේ එවුන් දැන් තැන තැන බයිලා කියනවා 
යන යන තැන් වල ඒවා නැගලම යනවා 
අපිත් ඉතින් ඔන්න එකක් හදලම කිව්වා...

පිටිය පුරා සිංහ කොඩිය හොඳට දිලෙන්නේ 
අනුහයේ වුණා වගේ ලොව හොල්ලන්නේ 
අපේ කොල්ලෝ ක්‍රිකට් පිටියේ නම රන්දන්නේ  
ජය අපටයි හැමදාමත් මේ තණ නිල්ලේ...

FB එකේ නිදාගන්න අපේ මල්ලිලා 
හැමවෙලේම මිස් කෝල් දෙන අපේ නංගිලා 
නංගී මල්ලී සැමදෙන දැන් එකතු වෙයල්ලා 
කිමිදෙමු අපි ක්‍රිකට් සොමියේ මේ අහපල්ලා...

දාන දාන හැම බෝලේම හොඳට වැටෙනවා 
ගහන ගහන හැම පාරම හයක්ම වෙනවා 
ක්‍රිකට් වලට තියෙන ඇල්ම තව වැඩි වෙනවා 
මේ පාර කප් එක අපි අරන්ම එනවා... 

[RAP]

පිටිය පුරා සිංහ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.