ඉරණම් ගමනේiranam gamanee

Iranam Gamane

සංගීතය:
දිනේෂ් තරංගdhineesh tharanga
පද රචනය:
උදේශ් ආර්යන්udheesh aaryan

ගී පද

ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ      
රිදුමන් සඟවා නිබඳේ 
සැනසුම  දිවියේ හැම දේ තිබුනේ      
ඔය උණුහුම ලඟ ලමැදේ

එපා මොහොතක්... යන්න කොහෙවත්
මගෙන් වෙන් වී... හීනෙකින් වත්
මෙහෙම හැඟුමක්... සසරේ කොහෙවත්
දැනිලනමි නෑ... වෙන කෙනෙකුගෙන්

කොතෙක් බාධා ආවත් සොයා
නුඹෙන් මොහොතක් ඈතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නම් ලඟටම වෙලා

දිනූ හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නම් ඔබේ පැතුමන්
මෙතැන් සිට මේ සසර කොතරම්
දුර උනත් මා එක්ක යන්නම්