Lyrics
ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ
රිදුමන් සඟවා නිබඳේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලඟ ලමැදේ
එපා මොහොතක්... යන්න කොහෙවත්
මගෙන් වෙන් වී... හීනෙකින් වත්
මෙහෙම හැඟුමක්... සසරේ කොහෙවත්
දැනිලනමි නෑ... වෙන කෙනෙකුගෙන්
කොතෙක් බාධා ආවත් සොයා
නුඹෙන් මොහොතක් ඈතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නම් ලඟටම වෙලා
දිනූ හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නම් ඔබේ පැතුමන්
මෙතැන් සිට මේ සසර කොතරම්
දුර උනත් මා එක්ක යන්නම්