ගී පද
(හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ලං වෙලා ටිකක්...//)
(මුණගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රැය පුරාම නිදි වරා පැතු පැතුම් දිගේ...//)
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවන්නේ ජීවිතේ
හුදෙකලා විරාමයේදී....
(රන් හුයෙන් බැදෙන්නේ ලෝකේ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිළිණයක්...//)
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්
හුදෙකලා විරාමයේදී....