හුදෙකලා විරාමයේදීhudhekalaa wiraamayeedhii

Hudekala Viramayedi

Lyrics

(හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ලං වෙලා ටිකක්...//)
	
(මුණගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රැය පුරාම නිදි වරා පැතු පැතුම් දිගේ...//)
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ 
හඩ හඩා ඔබේ නමින් ගෙවන්නේ ජීවිතේ 

හුදෙකලා විරාමයේදී....

(රන් හුයෙන් බැදෙන්නේ ලෝකේ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිළිණයක්...//) 
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් 
ආදරේ කියා කියන්නේ දේව ගීතයක් 

හුදෙකලා විරාමයේදී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.