ගී පද
හිත රිදුනු තරම් හිත හැඩුව තරම්
මා හඩන තරම් ඇසින් නුඹ සෙවු තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඹ නොදැන ඉතින් හැර ගියා මෙමං
ආදරෙන් එක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා
සෙනෙ හසේ සුව ඉතින් මේ යැයි ළග ඉදන් කියලා
දුන්නු සෙනෙහේ මටත් රහසේ යළි අරන් පෙරදා
පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා
මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඔ නොදැන ඉතින් හැර ගියා මෙමං
ආදරෙන් දුන් රිදුම් මතුවෙයි එකින් එක මැවීලා
නුඹ කියු පෙම් වදන් නැසෙයි අඩයි හිත රිදිලා
ඔහුගෙ සෙනෙහේ මහමෙරක් සේ මුළු හදින් උහුලා
සි නාසෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා
හිත රිදුනු තරම්..........