හිත රිදුනු තරම් හිත හැඩුව තරම්hitha ridhunu tharam hitha haeduwa tharam

Hitha Ridunu Tharam

Lyrics

හිත රිදුනු තරම් හිත හැඩුව තරම්
මා හඩන තරම් ඇසින් නුඹ සෙවු තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඹ නොදැන ඉතින් හැර ගියා මෙමං

ආදරෙන් එක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා
සෙනෙ ‍හසේ සුව ඉතින් මේ යැයි ළග ඉදන් කියලා
දුන්නු සෙනෙහේ මටත් රහසේ යළි අරන් පෙරදා
 ‍පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා

මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඔ නොදැන ඉතින් හැර ගියා මෙමං

ආදරෙන් දුන් රිදුම් මතුවෙයි එකින් එක මැවීලා
නුඹ කියු පෙම් වදන් නැසෙයි අඩයි හිත රිදිලා
ඔහුගෙ සෙනෙහේ මහමෙරක් සේ මුළු හදින් උහුලා
 ‍සි ‍නාසෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා

හිත රිදුනු තරම්..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.