ගී පද
හිඳින්නම් ඉතින් මං දුරස් වී අද නුඹෙන්
තිබුනෙ නෑ ඔඹට මා ගැන දුකක් කිසි දිනේ
නුබ තැනූ සිහිනයන් හරි අපූරුයි හිතේ
ඇහැරුනේ අද මගේ පමාවී ජීවිතේ
නුඹ රඟන රංගනේ ගැන නොදැන ලංඋනේ
දුකක් නැතිදෝ හිතේ රවටන්න මා මෙසේ
මුලු හදින් නුබට මා පෙම් කලත් සෑමදා
නුබ කලේ මට මුසා පෙම් වතෙක් සිටි නිසා
එක සිතින් පෙම් කලේ පැවසුවේ මට කියා
මා නමින් නම් නොවේ ඔහු නමින් මයි සදා
නුබ රගන රංගනේ.......
තරහ නෑ පුරවලා මගෙ හිතේ නුබ කෙරේ
සිදු උනේ ලියවිලා තිබුන දේ ඉරනමේ
නුබනමින් මයි සදා ලියා දුන් ජීවිතේ
උදුර ගෙන විසි කලේ නුබ මගේ ආදරේ
නුබ රගන රංගනේ.......