හිඳින්නම් ඉතින් මං දුරස් වීhindinnam ithin man dhuras wii

නුඹ රඟන රංගනේ - Hidinnam Ithin - Numba Ragana Rangane

Lyrics

හිඳින්නම් ඉතින් මං දුරස් වී අද නුඹෙන්
තිබුනෙ නෑ ඔඹට මා ගැන දුකක් කිසි දිනේ
නුබ තැනූ සිහිනයන් හරි අපූරුයි හිතේ
ඇහැරුනේ අද මගේ පමාවී ජීවිතේ 

නුඹ රඟන රංගනේ ගැන නොදැන ලංඋනේ 
දුකක් නැතිදෝ හිතේ රවටන්න මා මෙසේ

මුලු හදින් නුබට මා පෙම් කලත් සෑමදා 
නුබ කලේ මට මුසා පෙම් වතෙක් සිටි නිසා
එක සිතින් පෙම් කලේ පැවසුවේ මට කියා
මා නමින් නම් නොවේ ඔහු නමින් මයි සදා

නුබ රගන රංගනේ.......

තරහ නෑ පුරවලා මගෙ හිතේ නුබ කෙරේ
සිදු උනේ ලියවිලා තිබුන දේ ඉරනමේ 
නුබනමින්  මයි සදා ලියා දුන් ජීවිතේ 
උදුර ගෙන විසි කලේ නුබ මගේ ආදරේ

නුබ රගන රංගනේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.