ගී පද
හෙවනැළිද ඉකි බිඳී ඝන අඳුරේ
ගහ කොළ ද පන අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්
ගිරි හිසින් උදාවූ - මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළිරැව් වියැකේ
මුනින් තලාවේ සුදවර යහනක
තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්
කුළුදුළේ පිපී ආ මධු මල මැළවේ
දොළ දිගේ ගලා ආ දිය වැළ බොර වේ
පිදූ පාපයෙන් හස වැල මුතු පෙම
තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්