හෙවනැළිද ඉකි බිඳීhewanaelidha iki bindii

Hewaneda Ikibinda

Lyrics

හෙවනැළිද ඉකි බිඳී  ඝන අඳුරේ
ගහ කොළ ද පන අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්

ගිරි හිසින් උදාවූ - මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළිරැව් වියැකේ
මුනින් තලාවේ සුදවර යහනක
තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් -  ආලයේ නාමයෙන්

කුළුදුළේ පිපී ආ මධු මල මැළවේ 
දොළ දිගේ ගලා ආ දිය වැළ බොර වේ
පිදූ පාපයෙන් හස වැල මුතු පෙම
තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් -  ආලයේ නාමයෙන්


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.