ගී පද
හෙමින් වැටි වැටි ගස් යට
සුළං රැලි බදාගෙන එන
කුසුම් පෙති වගෙ කුසුම් පෙති වගෙ
ගලායන ගගෙ දිය පිට
සිනා මල් හෙලා නැළවෙති
ගමෙ කොමලියො ගමෙ කොමලියො…….
මදක් සුද හැකි ලියලන
පුංචි වැලි තලාව පිට කණ
පදුරු තල තලා පදුරු තල තලා
පිරුණු ළැම තලා සමගින්
උකුල් සල සලා තාලෙට
සිනා මල් හෙලා නැළවෙති
ගමෙ කොමලියො ගමෙ කොමලියො……