හෙමින් වැටි වැටි (ඔමරි ලතා)hemin waeti waeti (omari lathaa)

Hemin Wati Wati (Omari Latha)

Lyrics:
චන්ද්‍රරත්න මානවසිංහchandhrarathna maanawasinha

Lyrics

හෙමින්  වැටි වැටි ගස් යට 
සුළං රැලි බදාගෙන එන 
කුසුම් පෙති වගෙ කුසුම් පෙති වගෙ
ගලායන ගගෙ දිය පිට
සිනා මල් හෙලා නැළවෙති
ගමෙ කොමලියො ගමෙ කොමලියො…….

මදක් සුද හැකි ලියලන
පුංචි වැලි තලාව පිට කණ
පදුරු  තල තලා පදුරු තල තලා
පිරුණු ළැම තලා සමගින්
උකුල් සල සලා තාලෙට
සිනා මල් හෙලා නැළවෙති
ගමෙ කොමලියො ගමෙ කොමලියො……

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.