ගී පද
හෙළ දෙරණේ කඳුළ සුසුම
සිනාව සොම්නස මගේ ය
මා ගයනා මේ ගීයේ
උරුමය මා දිනු රටේ ය...
තරු පායා සිනාසේ ය
සඳ පායා සිනාසේ ය
මට මා දිනු මේ දේශය
ජල බිය ගිනි බිය නොදේ ය...
එතෙරක රස බොජුන් එපා
රන් සළු පිළි යහන් එපා
උපන් රටට පිටු පානා
හෙළයන් හෙළ බිමට එපා...