හෙළ දෙරණේ කඳුළhela dheranee kandula

Hela Derane Kandula

Music:
සරත් බාලසූරියsarath baalasuuriya
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

හෙළ දෙරණේ කඳුළ සුසුම
සිනාව සොම්නස මගේ ය
මා ගයනා මේ ගීයේ
උරුමය මා දිනු රටේ ය...

තරු පායා සිනාසේ ය
සඳ පායා සිනාසේ ය
මට මා දිනු මේ දේශය
ජල බිය ගිනි බිය නොදේ ය...

එතෙරක රස බොජුන් එපා
රන් සළු පිළි යහන් එපා
උපන් රටට පිටු පානා
හෙළයන් හෙළ බිමට එපා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.