ගී පද
හත් වළල්ල කන්ද කපා - ගං කරයේ පා වෙලා - දිය කඩ පීරා
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරං මං එනවා
දොළ දෙණියේ - වැව් බැම්මේ - හිඹටු කැලෙන් නගේ නුඹට
හිඹටු කඩන් මම එනවා - ඉවසිලි නැහැ නුඹ දකින්න
අනේ එපා ඔච්චං කර - බක් මී මල් හිනා වෙන්න
තුරු වදුලේ - කිරල රොදේ - යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ - උණ පඳුරේ -හීල් හෙවණෙ කතා කරමු
වාසනාව අඟ හිඟ නැහැ - නඟා කෙල්ල ඉන්න පැලට