හත් වළල්ල කන්ද කපාhath walalla kandha kapaa

Hath Walalla Kanda Kapa

Lyrics

හත් වළල්ල කන්ද කපා - ගං කරයේ  පා වෙලා - දිය කඩ පීරා
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරං මං එනවා

දොළ දෙණියේ - වැව් බැම්මේ - හිඹටු කැලෙන් නගේ නුඹට
හිඹටු කඩන් මම එනවා - ඉවසිලි නැහැ නුඹ දකින්න 
අනේ එපා ඔච්චං කර - බක් මී මල් හිනා වෙන්න

තුරු වදුලේ - කිරල රොදේ - යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ - උණ පඳුරේ -හීල් හෙවණෙ කතා කරමු
වාසනාව අඟ හිඟ නැහැ - නඟා කෙල්ල ඉන්න පැලට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.