ගී පද
හඬන්නෙපා අම්මේ හඬන්නෙපා අම්මේ
තවත් සඳක් හෙට පායා එනදා
හඬන්නෙපා අම්මේ //
මනාල පෙනුමෙන් මා බළනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ //
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග //
හඬන්නෙපා අම්මේ ........
බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගේ නැහැ වෙනසක් වෙන්නේ //
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ //
හඬන්නෙපා අම්මේ .....