හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරාhandanna lanwa aethi obee nuwan puraa

Hadanna Lanwa Athi Obe Nuwan Pura

ගී පද

හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇදෙන්න ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ

තරු ඇසක් ඇදී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ //
තරු ඇසේ කතා මියෙදේ
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ 

හඬන්න ලංව ....

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ //
හිරු ඇවිත් එමල් දවාද 
ඒ දුකත් වසන්ව යාද 
මේ අරුත දෝ ආදරේ

හඬන්න ලංව ....