Lyrics
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇදෙන්න ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ
තරු ඇසක් ඇදී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ //
තරු ඇසේ කතා මියෙදේ
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ
හඬන්න ලංව ....
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ //
හිරු ඇවිත් එමල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ
හඬන්න ලංව ....