ගී පද
ගාලු කොටුවෙ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලා ඉන්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න
ඈත එපිට ඉතිහාසෙන් ප්‍රේම කතාවක් අරගෙන
ඒ කතාවෙ රස මුසු තැන් කතා කරන්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
ගාලු කොටුවෙ ....
හිරු මුහුදේ ගිලෙනා විට රන්වන් පැහැ මද අඳුරේ
අත්වැල් බැදගෙන සෙවණැලි වගේ හිඳින්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
ගාලු කොටුවෙ ....