ගාලු කොටු‍වෙ ගල් බැම්මේ ඈත ‍පෙනෙන සිතිජ ඉමේgaalu kotuwe gal baemmee aetha penena sithija imee

Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime

Lyrics

ගාලු කොටු‍වෙ ගල් බැම්මේ
ඈත ‍පෙනෙන සිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලා ඉන්න
පාළු දැ‍නෙන හැන්දෑවක ඔබ ලග ඉන්න

ඈත එපිට ඉතිහා‍සෙන් ‍ප්‍රේම කතාවක් අර‍ගෙන 
ඒ කතා‍වෙ රස මුසු තැන් කතා කරන්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න

ගාලු කොටු‍වෙ ....

හිරු මුහු‍දේ ගිලෙනා විට රන්වන් පැහැ මද අඳු‍රේ
අත්වැල් බැද‍ගෙන ‍සෙවණැලි වගේ හිඳින්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න

ගාලු කොටු‍වෙ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.