ගී පද
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...
අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..
එපා සඳේ ඔබේ සිනා....
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුව රොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...
එපා සඳේ ඔබේ සිනා....