එපා ස‍‍ඳේ ඔබේ සිනාepaa sandee obee sinaa

Epa Sande Obe Sina

Lyrics

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..

එපා ස‍‍ඳේ ඔබේ සිනා....

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුව රොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...

එපා ස‍‍ඳේ ඔබේ සිනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.