දුරාතීතේ ප්‍රේම සිහිනයdhuraathiithee preema sihinaya

Dura Athithe Prema

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

දුරාතීතේ ප්‍රේම සිහිනය 
ලොවට හඬගා කියන්නම්.... //
ඇඟිලි තුඩගින් වාලුකාවේ 
කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී.... //

සයුරු රල මත මැකී ගිය හැටි 
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය 
ලොවට හඬගා කියන්නම්..... //

ඔබේ රුදුපති කුලය බිඳවා 
රැදී ඉන්නට දෑස දෑලේ...//
ලවන් පියුමේ සුවඳ විඳි බව 
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය 
ලොවට හඬගා කියන්නම්.... //